හෙරොයින් සමග සැමියා බිරිද හා දියණිය අත්අඩංගුවට


මහියංගණය පොලිසිය අද (26) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමකදී හෙරායින් ග්‍රෑම්ස් 11 යි මිලි ග්‍රෑම්ස් 720 ක්  ලගතබාගෙන සිටි  55 හැවිරිදි පුද්ගලයෙක්  ඔහුගේ 53 හැවිරිදි බිරිද හා 28 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන තිබේ .

පූජා නගරයේ නිවාස දෙකක තිබී මෙම හෙරොයින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය .

සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්ස් 3 යි මිලි ග්‍රෑම්ස් 20 ක්ද  , බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්ස් 5 ක්ද , දියණිය සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රැම්ස් 3 යි මිලි ග්‍රෑම්ස් 700 ක්  මෙසේ සොයාගෙන තිබේ ..

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස්මත බදුල්ල දිස්ත්‍රික් 111 සහකාර පොලිස් අධිකාරි එල්.අබේගුණසේකර හා මහියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. ආර්. සී . සේනාධීර  යන මහත්වරුන්ගේ මෙහෙයවීම ය‍ටතේ  මහියංගනය පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර තිබිණ

සැකකරු හා සැකකාරියන් දෙදෙනා හෙට (27) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles