හෙරොයින් පාර්සලයක් සමග දිව ගිය සැකකරු අත්අඩංගුවට


වත්තල, දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමග දිව යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

වත්තල පොලීසියට ලැබුණ තොරතුරක් අනුව වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

වත්තල, දික්ඕවිට ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35ක් වන සුරංග සුජීව අල්විස් නැමැති පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාර්සලයේ තිබී හෙරොයින් කිලෝ 1.037ක් සොයාගෙන තිබේ.

 



Recommended Articles