හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට


කඩුවෙල ප්‍රදේශයේදි පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි මොටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හොරෙයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 57ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. එම මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

එම හෙරොයින් වල වටිනාකම රු.ලක්ෂ 125කට අධිකය. වයස අවු 36 හා 37 අතරේ පසුවන මොවුන් මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.



Recommended Articles