හෙරොයින් ග්‍රෑම් 94ක් සමග බන්ධනාගර නියාමකවරයෙක් අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 94යි මිලි ග්‍රෑම් 132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය බවසයි.

බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 49ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles