හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට


හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) දින රාගම ප්‍රදේශයේ සිදුකරනු ලැබු මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් හා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇයගේ භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.



Recommended Articles