හෙරොයින් කිලෝ 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට


ටෝලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින්  මත්කුඩු කිලෝ තුන්සියකට අධික ප්‍රමාණයක් සමඟ  පුද්ගලයන් 6 දෙනෙකු  දකුණු  මුහුදේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඩුබායි හි සැඟ වී සිටින නඳුන්  චින්තක වික්‍රමරත්න නොහොත් ''හරක් කටා''  නැමැත්තා ගේ ගෝලයෙකු වන ''රන් මල්ලි'' නැමැත්තාට  හෙරොයින් තොගය අයිතිබව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් හොරෙයින්  මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයට රැගෙන ඒමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව නාවික හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව මෙම වැටලීම සිදුකර ඇතැයි දැනගන්නට ලැබේ.

 

 



Recommended Articles