හෙරොයින් කිලෝ 03 ක් සමග 03ක් අත්අඩංගුවට


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගොඩගම අතුරුගිරිය ප්‍රදේශයේදී ඉකුත් (18දා)     වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 294 ක් සමඟ පුද්ගලගයකු අත්අඩංගුවට ඇත.

සැකකරු‍ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරී‍මේදී  අනාවරණය කරගත් තොරතුරු මත පාදුක්ක ප්‍රදේශයේදී    හෙරොයින් කිලෝ 03 ග්රෑම් 300 ක් සන්තකගේ තබාගෙන සිටි තවත් සැකකරුවකු අත්අඩංගුවට ‍ගන තිබේ.

දෙවන සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත ‍මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සහ  ඒ සඳහා ආධාර අනුබල දුන්  පාදුක්ක ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් අත්අඩංගුවට‍ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ජාවාර‍මෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 17,936,500/- ක් සහ මෙම ජාවාරම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක් පොලිස් භරයට ‍ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදනොම ඩුබායි රාජ්‍ය යේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින්මෙහෙයවනු ලබන අතර ඔහු අත්අඩංගුවට ගත් සැකකාරියගේ ස්වොමි පුරුෂයො බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනා හා  සැකකාරිය වයස අවුරුදු 36, 58 , 31 ක් වන පාදුක්ක මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 



Recommended Articles