හෙද හා දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිර්ඝ කරයි


හෙද නිලධාරින්ගේ සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇත.

එමඟින් හෙද නිලධාරින්ගේ සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් වේ.

එම නියෝගය දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සඳහා මේ වසරේ අප්‍රේල් මස 05 වනදා සිට බලාත්මක වන අතර හෙද නිලධාරින් සඳහා ජුනි මස 14 වන දින සිට බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

මීට පෙර වෛද්‍ය නිලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

 



Recommended Articles