හෙට (18) දිනයේ දී පැය 3යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9ත් සවස 2ත් අතර පැය 2ක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනු ලබයි.
එමෙන්ම සවස 5ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ එම කලාපයන් සඳහා පැය 1යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද නියමිතයි.
මේ අතර CC කලාප ලෙස හැඳින්වෙන කොළඹ මහනගර සභාවට අයත් කලාපය සඳහා උදේ 6ත් 9ත් අතර කාලය තුළ පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කරන අතර N,M,O,X,Y,Z යන කලාප සඳහා උදේ 5ත් 8ත් අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.