හෙට සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර් 80000 බැගින් වෙළඳපොළට


ගෑස් රැගත් නෞකා තුනකට මුදල් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවෙනු ඇතැයි ලිට්‍රෝ සමාගම කියයි.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් රැගත් නෞකාවකින් ගෑස් තොග ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතය.

මේ අනුව හෙට දිනයේ පටන් ගෘහස්ත ගෑස් සිලින්ඩර 80000 බැගින් දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවද එම සමාගම සඳහන් කරයි.

 



Recommended Articles