හෙට සිට කොළඔට වතුර ඇණහිටියි


කොළඔ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්ප්‍රදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර,නාවල කෝස්වත්ත රාජගිරිය හා නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ සිට ඊට සම්බන්ධ සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කර සිටියි.



Recommended Articles