හෙට සිට ආයෙත් වැස්ස වැඩි වෙයි


හෙට දින (26දා) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර  පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාාතේ විටින් විට වැසි ඇතිවන බවත් උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බස්නාහිර හා සබරගමුව පළාත්වත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 



Recommended Articles