හෙට සහ අනිද්දා විදුලිය කැපීමට මණ්ඩලය කොමිසමෙන් අවසර ඉල්ලයි


පැය හතරයි විනාඩි විස්සක කාලයක් සහ පැය හතරයි විනාඩි පනහක කාලයක් සඳහා විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ඒ අනුව හෙට (18) දිනයේ පැය හතරයි විනාඩි විස්සක් මෙන්ම 19 සහ 20 යන දෙදින තුල පැය හතරයි විනාඩි පහක කාලයක් සඳහා මෙලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.

පෙරවරු 8 සිය රාත්‍රි 10.30 දක්වා වූ අවස්ථා දෙකකදී මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව දහවල් කාලයේදී පැය 03යි විනාඩි 20 ක කාලයක් සහ රාත්‍රි කාලයේ පැය එකහමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.



Recommended Articles