හෙට විදුලිය කැපෙන්නෙ මෙහෙයමයි


විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධ නොලැබීම හේතුවෙන් හෙට දිනයේද විදුලිය කප්පාදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

මේ අනුව A-L දක්වා කලාප වෙත උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි විනාඩි 20ක කාලයක් හා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

එසේම P - W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකයි විනාඩි 40ක කාලයක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 10.30 පැයයි විනාඩි 50ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

 



Recommended Articles