හෙට පෙට්‍රල් ගන්න පෝලිම්වල ඉන්න එපා


හෙට (18) දිනයේ පෙට්‍රල් ලබාගැනිම වෙනුවෙන් ඉන්ධන හල් අසළ පෝලිම්වල රැදී නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.

පෙට්‍රල් තොග සිමිත හෙයින් පෙට්‍රල් නිකුත් කිරීමද සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම්දෙයි.

මේ අනුව අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හෙට දිනයේ පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

කෙසේවෙතත් අනිද්දා සිට පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී ඇත.



Recommended Articles