හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ


දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයක වැඩ කටයුතු හෙට දිනයේ සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පළමු හා අවසන් අනුමැති අංශ පමණක් හෙට දිනයේදී  විදේශ රැකියා ලාභීන් ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවේ හෙට පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා විවෘතව තැබෙන බව අමාත්‍යවරයා පවසයි.  



Recommended Articles