හෙට දිනයේ දී සුපිරි වෙළෙඳසැල් විවෘත වන වේලාවන්


කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

මෙම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබෙන අතර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත වනවා ඇත.

මේ අනු​ව ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් කිහිපයක ශාඛා හෙට, එනම් මාර්තු 24 දින විවෘත වන කාලසීමාවන් පහත දැක්පවෙන ​පරිදි වේ.

කාගිල්ස් ෆුඩ් සිටි - පෙරවරු 7.00 සිට පෙරවරු 11.30 දක්වා

කීල්ස් සුපර් - පෙරවරු 7.00 සිට මධ්‍ය්හන 12.00 දක්වා

ආපිකෝ සුපර් සෙන්ටර් - පෙරවරු 7.00 සිට පෙරවරු 11.00 දක්වා (ශාඛා කිහිපයක් පෙරවරු 7.30 ට විවෘත කෙරේ)

ලාෆ්ස් සුපර් - පෙරවරු 7.00 සිට මධ්‍ය්හන 12.00 දක්වා



Recommended Articles