හෙට ජල කප්පාදුවක්


විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරිම හේතුවෙන් හෙට දින පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම,පළාපත්වල,දොස්තරවත්ත,දුංකළවත්ත ,මකුලුගහරූපප,සාප්පුවත්ත,සමන්දාව,කිරිගල්පොත්ත,නිකවල B සහ C කොටස .මාතලේ මහා නගර සභා සිමාව A -9මාර්ගය ,තැන්න,උඩුපිහිල්ල,අලුවිහාරය,කලුදැවල,කොටුවේගෙදර,කුඹියන්ගොඩ,මණ්දණ්ඩාවල,රත්තොට පාර,අගලවත්ත,පාරාවත්ත,කිවුල හා විහාරපාර වේ.



Recommended Articles