හෙට ගාලු පාරේ ගමන් කරන වාහනවලට නිවේදනයක්


රථවාහන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට (19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය පවසයි.

රොටුන්ඩා මංසන්ධියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල් මාකන් මාකර් මාවත දෙසට පමණයි.

කිසිදු හේතුවක් මත අබ්දුල් මාකන් මාකර් මාවතෙන් රථ වාහන උත්තරානන්ද මාවතට ඇතුළු කිරීමට අවසර හිමි වන්නේ නැත.

මීට අමතරව සර් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහර මාවතට ඇතුළු වන වාහනවලට රොටුන්ඩා වට රවුම දෙසට ධාවනය කළ නොහැකියි.

ගාලු පාරේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන වාහන ධාවනය කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා වට රවුම දක්වා එක් දිශාවලකට පමණක් බව ද පොලීසිය සඳහන් කළේ ය.



Recommended Articles