හෙට ඉන්දියාවේ පුහුණුවකට යන්න සිට බ්‍රි ගේඩියර් නිදි යහනේදි මරුට


ශ්‍රි ලංකා යුධහමුදා ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව පෙරේරා මහතා අද (14) අළුයම  හදිසියේ අසනීපව  මියගොස් ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල්  රවී හේරත් මහතා පැවසීය .

කුඩාඔය යුධහමුදා කදවුරේ පිහිටි ඒ මහතා රැදී සිටී නිළ නිවස තුලදී නින්දේදී මියගොස් ඇති බවත් , හදිසි  හෘදයාබාධයක් මරණයට හේතු වන්නට ඇති බවට සැක පළකරන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා යුධහමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ඒ මහතා උතුර නැගෙනහිර මානුෂිය මෙහෙයුමේ දී විශේෂ දක්ෂතා දැක්වූ නිළධාරීයෙක් ලෙස ප්‍රකටය.

ඒ මහතා ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දු ලංකා මිත්‍රශක්තී යුධඅභ්‍යාසයට සහභාගී වීම සදහා හෙට දිවයිනෙන් පිටත්වීමට සිටී බවද වාර්තාවේ.



Recommended Articles