හූ වෙයි හා ජනපති අතර සාකච්ඡාවක්


ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

චීන රජය මෙන්ම චීනයේ බැංකු ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව ජනපතිවරයා සිය කෘතඥතාව ප්‍රකාශ කළ බව තානාපති කාර්යාලය පවසයි. 



Recommended Articles