හුල් මහත්තයා බලාපොරොත්තුවෙන අරමුණු පොදුජන පෙරමුණින් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ නෑ


මැතිවරණ කොමිසමේ  සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ  අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන  මහතා පැවසිය .

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ සංකල්පය යටතේ මාතර , වැලිගම , තෙපුදෙණිය - පැනැටියන මාර්ගය කාපටි අතුරා සංවර්ධනය කිරිමේ  ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට අද  (8)  සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .

එහිදි අදහස් පලකල ඒ මහතා ,

‘‘ රත්නජිවන් හුල් කියන ස්වාධින මැතිවරණ කොමිසමේ  සමාජිකයා පිළිබදව අද කතාබහක් මතුව තිබෙනවා . එජාපය 19 වන ව්‍යවස්ථා  සංශෝධනයෙන් තමයි ස්වාධිනයි කියන මේ  මැතිවරණ කොමිසම පත් කළේ . අද මේ  කොමිසන් සභාව තුලින් රට ඉදිරියට යන්න බැරි වෙලා තියෙනවා . ඉදිරි දේශපාලන කටයුතු සියල්ලම අගුලූ දාන්න තියලා තමයි එජාපය මෙය නිර්මානය කළේ . ඒ අයට බලයට එන්න බැරිනම්  කාටවත් බලයට එන්න බැරි වෙන්න තමයි මෙහෙම කි‍්‍රයා කළේ . ඒ නිසා හුල් මහත්තයා බලාපොරොත්තුවෙන අරමුණු පොදුජන පෙරමුණින් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ නැහැ . රට දෙකඩ කරන එකට අපි එකග වෙන්නෙ නැහැ . මේ  නිසා වෙන්න ඇති පොදුජන පෙරමුණට ජන්දය දෙන්න එපා කියලා කියන්නේ . රටේ දෙමළ ජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කිරිමට සුදානම්  වෙනකොට ඒ වැඩපිළිවෙල  කඩාකප්පල් කරන්නයි මේ  හදන්නේ.

බොහෝ දෙනෙක් අහනවා මෙය මැතිවරණයට කොහොම බලපායිද කියලා.  මැතිවරණයට මෙය බලපාන්නේ ඔවුන් මැතිවරණය මෙහෙයවන ආකාරය මතයි . මැතිවරණය ස්වාධින මැතිවරණයක් ලෙස පවත්වාගෙන යන්න හැකිනම්  මේ  රටේ  ජනතාව හා අනිත් නිලධාරින් කැපවෙනවනම්  අර අයට කරන්න දෙයක් නැහැ . හුල් මහත්තයා නොමැතිව මැතිවරණය කරනවනම්  ඝන පුර්ණයේ ප‍්‍රශ්නයක් ඇතිවෙනවා . එයට නීතියේ පැහැදිලි විසදුමක් ඇති කරලා නැහැ . මම පෙර කිවුවා වගේ 19 ගෙනත් එදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කළේ දිර්ඝකාලින බලාපොරොත්තු ඇතිවයි . ඉදිරියට එන හැම රජයක්ම අකර්මන්‍ය කිරිම තමයි ඔවුන්ගේ අදිටන වුනේ ’’ යැයි අබේවර්ධන  මහතා වැඩිදුරටත් පැවසිය .

                                                                                  



Recommended Articles