හුබෙයිහි සෙනසුරදා තහවුරු කළ රෝගීන් වාර්තා නොවෙයි


මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සෙනසුරාදා දිනයේදී තහවුරු වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.

කෙසේ වෙතත් පළාත තුළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 30 ක් වාර්තා වී තිබේ.

සෙනසුරාදා වන විට, හුබෙයි හි දැනට තහවුරු කර ඇති COVID-19 රෝගීන් 7 ක් වාර්තා වී ඇති අතර, ඉන් එකක් බරපතල තත්ත්වයේ පසුවෙයි.

වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ඇති රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සංඛ්‍යාව සෙනසුරාදා වන විට 297 කි.



Recommended Articles