හිස්බුල්ලාගේ කථාවට අගමැතිගේ විරෝධය


නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබේ.

ඒ අද (11දා) සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවැති හමුවකදීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකා අනන්‍යතාව රැක ගැනීම සියලු දෙනාගේම වගකිම බවත්ය.

හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහා ජාතියක් බවයි. ඒ අනුව කිසිවෙකුටත් බිය නොවිය යුතු බවත් එක්විය යුතු බවත්ය.



Recommended Articles