හිස්බුල්ලා TIDයෙන් පිටව යයි


ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පස්වරු 5.45ට පමණ එම ඒකකයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

2019/04/22 ඇඳිරිනීතිය පැවැති අවස්ථාවක නැගෙනහිර පළාතේ හෝටලයකදී සැක සහිත ලෙස ආරාබි ජාතිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක් පැවැතීමට අදාළව ත්‍රස්ත විමර්ශන ඒකකය කරන පැමිණිල්ලකට අනුව ප්‍රකාශක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 9.45ට පමණ ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

 

 



Recommended Articles