හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු


දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි .

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතය.

 



Recommended Articles