හිරිපිටිය, පස්යාල, මීගමුව හා තලවතුගොඩට ගුවන් පාලම්


හිරිපිටිය, පස්යාල,මිගමුව හා තලවතුගොඩ මංසන්ධිවල පවතින අධික රථවාහන තදබදයට විසදුම් ලෙස ගුවන් පාලම් 04ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

හංගේරියානු එක්සිම් බැංකුවේ සහනදායි ණය කොන්දේසි යටතේ මෙම ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය. මේ සඳහා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles