හිමි නමකට පහරදි පාලාවත්ත උණුසුම් වෙයි


බදුල්ල පාලාවත්ත ‍බෝධිරාජාරාමාධිපති  ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) ගම්වැසියෙක් විසින් පහරදී මේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක ඇතිවී තිබේ .

ගම්වැසියන්ට එක්ව  පහරදීම සිදුකළ පුද්ගලයාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයන් එල්ලකොට  නිවාසියන්  නිවාසය තුළම හිරකොට  විරෝධතාවය දක්වමින් සිටිති .

බදුල්ල පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී.

අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන  දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනාසිටින හිමි නමකි .

විහාස්ථානය අසල නිවාස කීපයකට  අපජලය ගලායන ලෙස  පහරදුන් පුද්ගලයා කානුවක් කපමින් සිටින විට  ඊට විරුද්ධවීම නිසා මෙම හිමිනමට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය .



Recommended Articles