හිතේ සතුටට පාසල් සිසුන්ට සලකන ව්‍යාපාරිකයා


සිය සිතේ සතුට වෙනුවෙන් දුප්පත් දරුවන් වෙනුවෙන් අද (08) වනදා කලවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන චමිල කුලරත්න මහතා විසින් ආහාර පාන , පාසල් උපකරණ ලබා දීමට කටයුතු කෙරුණි .

ඒ මහතා මෙලෙස විවිධ ප්‍රදේශවල දුප්පත් දරුවන් සොයා ගොස් උදව් උපකාර සිදු කරයි. තම සිතේ සතුට පමණක් මූලික කර ගනිමින් මෙලෙස දරුවන් වෙනුවෙන් උදව් උපකාර කරන බව ඒ මහතා පැවසීය. 

ඒ අනුව අද (08) වනදා කලවාන වැලිකුඹුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පාසල් දෙකක පාසල් දරුවන් කැදවා ආහාර පාන , පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරනු ලැබුණි .

කලවාන උපෙන්ද්‍ර

 



Recommended Articles