හිටපු විනිසුරු ගිහාන් ගැන අදම අධිකරණ පියවර ගන්න - නීතිපති


ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. 

එසේම තමා දුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම පිළිබඳව තමන්ට යොමුකළ ලිපියේ සඳහන් ඇතැම් කරුණු හාස්‍යයට හේතුවන බවත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපියෙන් දන්වා තිබේ.

 



Recommended Articles