හිටපු නාවික හමුදාපති වයඹ ආණ්ඩුකාර ධුරයේ වැඩට බසී


වයඹ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් සභාවේදී අද (17දා) වැඩ භාරගනු ලැබීය.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පසුගිය 09දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබුණි.

මෙම අවස්ථාවට වයඹ පළාත නියෝජනය කරන දේශපාලඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles