හිටපු ජනපතිවරු හා ඇමතිවරු භාවිත කළ බංගලා 4ක් මහාධිකරණ හතරක් කරයි


නඩු කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් නව මහාධිකරණ හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම මහාධිකරණ කොළඹ 07 පිහිටි බංගලා හතරක් තුළ ස්ථාපිත කිරීමට නියමිතය. මෙම බංග්ලා දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් වෙයි. මෙම බංග්ලා පසුගිය කාලසීමාවේදී හිටපු ජනපතිවරු හා මැති ඇමතිවුරු භාවිත කරනු ලැබීය.

එසේ වෙන්කර ඇති ගොඩනැගිලි වන්නේ,
අංක බී 88 ගෙගරි පාරි කොළඹ 07
අංක සී 76 බෞද්ධාලෝග මාවත කොළඹ 07
අංක බී 108 විජේරාම පාර කොළඹ 07
අංක බී 12 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය කොළඹ 07



Recommended Articles