හිටපු ජනපති මෛත්‍රී අද අල්ලස් කොමිසමට


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

ඒ අනුව උදෑසන 9.00 පමණ පැමිණි ඒ මහතා පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සවස 2ට පමණ ඉන් පිටව ගියේය.

වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට සම්බන්ධ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles