හිටපු ජනපති ගෝඨාභය 24දා එනවා


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා මෙරටට පැමිණනෙ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලකයෙකු නොවන බවත් ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පැවසීය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යද්දී උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.



Recommended Articles