හිටපු කොස්තාපල් කුඩු සමග මාට්ටූ


කොළඹ අපරාධ කොට්ඨාශයේ කලක් සේවය කර ඇති හිටපු  පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (16දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව , පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

පානදුර , මෝදරවිල මහල්නිවාස ආසන්නයේ සැකකටයුතු අන්දමින් ගමන් කරමින් සිටී  සැකකරුව පරීක්ෂා කිරීමේදී සන්තකයේ  තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2 යි මිලිග්රැම් 200 ක් සොයාගෙන අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

පානදුර දකුණ පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම්  



Recommended Articles