හිටපු ඇමති ටිරාන් අලස්ට මරණ තර්ජන


හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට  දුරකථන ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.

පෙරේදා(05දා) සහ ඊයේ (06දා) මෙලෙස දුරකථන ඇමතුම් සහ whatsapp හරහා මෙම තර්ජන එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඉදිරිපත් කරමින් ටිරාන් අලස් මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිල්ලක් යොමු කර ඇත.

මේ අනුව විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.



Recommended Articles