හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරේ


අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය 26 වැනිදා ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජනවාරි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නියෝග ක​ළේය.



Recommended Articles