හිඟුරක්ගොඩ රෝහලේ මියගිය රෝගියෙකුට කොවිඩ්


පොලොන්නරුව සෞඛ්‍ය සේවා බල ප්‍රදෙශයේ අද (25) වන විට දින 14ක් ඇතුළත වෛද්‍යවරියකගේ පවුලේ අය සමග කොවිඩ් ආසාදිත රෝගින්  33 දෙනෙකු හමු වී ඇති බවත් අද  (25දා)  උදැසන හිගුරක්ගොඩ රෝහලේ නේවාසික  ප්‍රතිකාර ගැනිමින්  සිටි  රෝගියෙකු මියගිය පසු කොවිඩ් රෝගියෙකු  බව හදුනා ගත් බවත් විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.   

“පොලොන්නරුව සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ දින 14ක් ගත විමට පෙර කොවිඩ් ආසාදිත රොගීන් 33ක් හමුවි තිබෙනවා. ඒ අතර වෛද්‍යවරියක සහ ඇගේ පවුලේ තිදෙනෙකුත් සිටිනවා. අද උදෑසන හිගුරක්ගොඩ මුලික රෝහලෙන් වෙනත් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා  නෙවාසිකව ප්‍රතිකාර ලැබු රෝගියෙකු මිය යැමෙන් පසු කළ පරීක්ෂණයේදී එම රෝගියා කොවවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.”



Recommended Articles