ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යන හිගුරාන සීනි සමාගමේ උක් වගා කරන ඉඩම් බලහත්කාරයෙන් වල වි වගා කිරිමේ වැඩ සටහනක් කඩා කප්පල්කාරින් පිරිසක් විසින් ආරම්භ කර තිබේන බව දේශිය උක් කර්මාන්තය සුරුකිමේ සංවිධානයේ ලේකම් /කැදවුම්කරු ගම්පහ නාරද හිමියන් පැවැසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ නාමල්තලාව ශ්‍රි ශෛළබිම්බාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදිය.නැගෙනහිර ආර්ථිකය සවිමත් කිරීමට ඇති එකම ආයතනය වන හිගුරාන සීනි කර්මාන්ත ආයතනය නිසා ප්‍රදේශයේ ජනතාව වශයෙන් ප්‍රයේාජනයක් වි ඇති බව උන් වහන්සේ පවසයි .
දැනට ආයතනය ඉඩම් සහ පිටස්තර ඉඩම් හෙක්ටයාර් 10000 ක් පමණ උක් වගා කරන අතර එයින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආර්ථිකයට විශාල සවියක් වි තිබෙන බව සදහන් කළේය.
සෑම රජයක් පැවැති අවස්ථාවකම මේ කඩා කප්පල්කාරි පිරිස විසින් වි වගා කිරිමට උත්සහ කල අතර පොලිසිය විසින් එය නවතා දැමිමට කටයුතු කරනු ලැබිය.
මෙම ඉඩම්වල උක් ගස් පමනක් වගා කිරිම සිදුකල යුතු බ ව ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවක් නඩු අංක (sc ( F/R) 499/2012) යටතේ ලබාදි තිබේ.
එවැනි තත්වයක් තිබියදි මෙම මස 15 වෙනි දින අම්පාර දිසාපති කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සහ අම්පාර මහා දිසාපති චින්තක අබේවික්‍රම මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්චාවකදි මෙම ඉඩම්වල උක් වගා කිරිම සදහා ගල්ඔය වැවිලි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට යොමුකර අනුමැතියක් ගැනිමට තීරණය කර තිබේ.
උක්වගාව පමනක් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම වානිජ මහාධිකරණයේ තින්දු වක් තිබියදි වි වගා කිරිමට ගල්ඔය වැවිලි සමගාමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනිම සදහා එවැනි යෝජනාවක් කිරිමට වත් මෙදින රැස්විමට සහාභාගිවු කිසිම කෙනෙකුට අයිතියක් නොමැති අවස්ථාවක මෙම පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අභියෝගයවට ලක් කරමින් ගල්ඔය වැවිලි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමැතියක් ගැනිමට උත්සහ කිරිම විහිලුවක් බවද ගම්පහ නාරද හිමියන් පැවසිය..
මෙම සාකච්චා වෙන් පසුව ගොවින් කණ්ඩායමක් මේ වෙනවිට උක් වගා කරන ඉඩම් කට්ටි 30 ක් පමන වි වගා කිරිමට බිම් සකස් කර ඇති අතර ගල්ඔය වැවිලි සමාගමේ පාලනධිකාරිය විසින් මේ පිලිබදව අක්කරපත්තුව පොලිස් ස්ථානයට පැමිනිලි කර තිබේ.
වසන්ත චන්ද්‍රපාල



