හිගුරක්ගොඩ සතිපොළ වසා දමයි


හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව  හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ  සභාපති  ආර් ඩී උඩවත්ත මහතා ප්‍රකාශ කළේය.

පො‌ළොන්නරු දිසා ලේකම් ඩබ් ඒ ධර්සේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  කෝවිඩ් මර්දන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත.

කෝවිඩි ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී  නගරයේ සිදුවන රැස්විම්, වෙළද සහ  දන්සල් ආගමික උත්සව  , පිළිබඳව තීරණය කරන බව ද සභාපතිවරයා පැවසීය.



Recommended Articles