හිගුරක්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය යළි විවෘත කෙරේ


පොළොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට  (30)  දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය  ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය භාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පවසයි.

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු  81 දෙනෙකු ඉකුත් (26) දින කල පි.සී.ආර්. පරික්ෂණ වලින් කිසිවෙකු කොවිඩ් 19 රෝගය ආසාදිත වී නොමැති බවට තහවුරු වී ඇති බැවින් එම කාර්යාලයේ කටයුතු සිදු කිරිමට කිසිදු බාධාවක් නොමැති   පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

මෙසේ හිගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලයේ පුද්ගලයින් 81ක් දෙනෙකු පී.සී.ආර්.පරීක්‍ෂණ  සදහා භාජනය  කිරිම හේතුව වුයේ එහි සේවය කල කාර්යාල සහයෙකු කොවිඩ් 19 රෝගීයෙකු ලෙස කොළඹ ප්‍රදේශයේ දි  කල පී.සී.ආර්.පරීක්‍ෂණයෙකින්  කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස  හමු විම නිසාය. 

එම සේවකයා  දින කිපයකට පෙර හිගුරක්ගොඩ සිට කොළඹ තම පදිංචි නිවසට ගිය අවස්ථාවේ දි මෙම රෝගය වැළැදි තිබේ. කෙසේ නමුත් ඔහු ඇසුරු කල  6 දෙනෙකු  නිරෝධායනට ලක් කර තිබේ. කෙසේ නමුත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය රාජකාරි කටයුතු (30) දි සිට සුපුරුදු පරිදි සිදු කිරිමට කිසිදු බාධාවක් නොමැති බව  වෛද්‍ය කුමාරවංශ මහතා වැඩිදුරටත් කීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය භාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී අධ්‍යක්ෂිකාවගෙන් විමසා සිටියා,

අපේ කලාපයේ මැදිරිගිරිය , හිගුරක්ගොඩ සහ ඇළහැර ලෙස අධ්‍යාපන කොට්ඨාස 03ක් තියෙනවා. එහි පාසල් සංඛ්‍යාව 95ක් තියෙනවා. අපේ කාර්යාලයේ  සේවය කල අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට පසුගිය දිනකදි තහවුරු වුනා. ඒ අනුව අප කාර්යාලයේ සියලු දෙනාත් එහි පැමිණ සියලු දෙනාත් සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර්. පරික්ෂණ සදහා භාජනය කලා.  එම පරික්ෂණ වලින් තහවුරු වුවා.  ඒ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වි නොමැති බවට එම නිසි අපේ කලාපය තුල තිබෙන  පාසල් 95 තුල සිටින  ශිෂ්‍යයන් ගුරු භවතුන්  වගේම  දෙමාපියන් කිසිදු බියකින් තොරව (30) දින සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය නිතිරිති අනුගමනය කරමින් පාසල් වෙත පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි අධ්‍යක්ෂකවරිය  ඉල්ලා සිටියාය.
 

 



Recommended Articles