හැදුනුම්පත් විශාල ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට


අන්අයගේ  ජාතික හැදුනුම්පත් 51ක් තම සන්තකයේ  තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ , දිමුතුගම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය  පවසයි .

සැකකරු මුදල් පොලියට දීම සඳහා මෙම හැදුනුම්පත් ලබාගෙන ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

අන්සතු හැදුනුම්පත් තම සන්තකයේ  තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව  නඩු පවරන බව වැලිමඩ පොලීසිය පවසයි .

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්.හේරත් මහතාගේ මෙහෙයවීම වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ලේ - පාලිත ආරියවංශ



Recommended Articles