හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යමණ්ඩලයත් PCR පරික්ෂාවට


හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට (29) දින තහවුරු වු නිසා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ නිතිඥයවරුන් ඇතුළු 37 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා දැනට එම පාසල තාවකාලිකව වසා දමා ඇති අතර,එම අසාදිත ගුරුවරියකගේ සැමියා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් කටයුතු කරන අතර,ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිත නිතිඥයවරයා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.

 



Recommended Articles