හැටන් දුම්රිය ස්ථානයට ආපු සෙනග


දුරුතු පොහෝ දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

දින තුනක  නිවාඩුවත් සමග එම පිරිස දුම්රියේ ආසන වෙන්කරවාගෙන පැමිණෙන බවත්, හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට දුම්රිය ලංගම ඒකාබද්ධ බස් රථ රථ සේවයක් ක්‍රියාත්මක කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි පරික්ෂා කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.



Recommended Articles