හැටන් කොළඹ මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි


හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයේදී නායයාමකට ලක් ව අවහිර වී රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට  ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයාම අද (07) රාත්‍රීයේ සිදුව ඇති බවත්, මෙම මාර්ගය භාවිතා කරනු ලබන රියදුරන් ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ශාන් හුලංනුගේ/හැටන් රංජිත් රාජපක්ෂ


 

 



Recommended Articles