හැටන් වතු නිවාස පේළියක ගින්නකින් නිවාස 14 සම්පුර්ණයෙන්ම විනාශයි


හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේළියට අද  (02) දින පස්වරු 6.30 හටගත් ගින්නකින් වතු නිවාස 14 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

එක් නිවසකින් හටගත් ගින්න ශ්‍රීඝ්‍රයෙන් සෙසු නිවාස කරා පැතිර ගිය බවයි පොලීසිය පැවසුවේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.

ගින්නෙන් එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

පැතිර ගිය ගින්න වතු කම්කරුවන් එක් වි නිවන අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයද ගින්න පාලනය කිරිමට එක් වි ඇත.

වතු නිවාස 8 සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර වතු නිවාස 6 ක් අර්ධ වශයෙන්ද ගිනිගෙන විනාශ වි ඇත.

ගින්න සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරික්ෂණ පවත්වයි.



Recommended Articles