හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නවා


සෞඛ්‍ය නීති වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පවසයි.

එය රටේ දරුවන්ගේ අවශ්‍යතාවක් බවත් ඊට අවශ්‍ය පියවරයන් පවතින බවත් ඒ ඔස්සේ හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඊට පළමු පියවර ලෙස ගුරුවරුන් හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත එන්නත්කරණය කඩිනමින් සිදු කළ යුතු බවත් දැනටමත් 80%කට පමණ පාසල් ප්‍රජාව තුළ එන්නත්කරණය සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles