හැංකිට අනුව ලංකාවේ උද්ධමනය ඉහළට


ඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් ගණනය කරන සතිපතා උද්ධමනය දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.

පසුගිය 22 වැනිදාට ලබාගත් දත්ත අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 4 වැනි ස්ථානයට ඔහු ශ්‍රී ලංකාව ස්ථාන ගත කර තිබේ.

මෙහි ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ රටයි. වෙනිසියුලාව හා කියුබාව පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි. 

 

 



Recommended Articles