හාල්, සිමෙන්ති හා ඖෂධ ගේන්න පාකිස්තානයෙන් ඩො.මි. 200ක ණයක්


හාල්, ඖෂධ හා සිමෙන්ති ගෙන්වීම සඳහා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

අමාත්‍යවරයා පසුගියදා පාකිස්තානයේ කළ සංචාරයේදී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. මෙම භාණ්ඩ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමට නියමිත අතර ඒ ම සඳහා වන ගිවිසුම වෙළඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සන්ඩේ ටයිම්ස්



Recommended Articles