හාරගම සිදුවූ භූ චලනය භූමි කම්පාවක් නෙමෙයි


මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම මයිලපිටිය දිගන ආදී ප්‍රදේශ වලට ඉකුත් සෙනසුරාදා  (29) රාත්‍රී 8.30 ට සිදු වූ බව කියන භූමියේ සෙලවීම භූ චලනයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි .

මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශවල නිරීක්ෂණයක යෙදීමට නියමිත බවත් ඒ මහතා පැවසීය . කෙසේ නමුත් පල්ලෙකැලේ ස්ථාපිත කොට තිබෙන භූකම්පන මාපකයේ එම සිදුවීම සම්බන්ධයෙන් කිසියම් සංඥාවක් සටහන්ව ඇති බවද පැවසේ.

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles